දේව අඩවියේ දී කාමාතුරයන් පිරිසකට ගොදුරු වූ අට හැවිරිදි දැරියකගේ කඳුළු කතාව – Photos & Video

දින ගණනාවක් දේවාලය තුළ තබාගෙන දූෂණය කරලා….

ගෙල සිරකර මරා දමා පසුව ගලකින් දෙවරක් හිසට පහර දීලා….

අට හැවිරිදි දැරියක් කෘර ලෙස සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිදුවීම මේ දිනවල විදෙස් මාධ්‍යවල දැඩි අවධානයට ලක්වී තිබෙනවා. එසේ ඉතා කෲර අන්දමින් දූෂණයට ලක්ව මරණයට පත්ව තිබු‍ණේ ඉන්දියාවේ කාෂ්මීර ප්‍රදේශයේ මුස්ලිම් එඬේර ජන කොටසකට අයත් අසීෆා බානෝ නම් දැරියයි.

ඇගේ මළසිරුර ඉකුත් ජනවාරි මස කතුවා නගරය අසල කැලෑවක තිබී හමුවූ බවයි වාර්තා වන්නේ.

අසීෆාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක්, පොලිස් නිලධාරීන් හතර දෙනෙක් සහ බාලවයස්කරුවෙක් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සියලු දෙනාම හින්දු භක්තිකයින් වන බවයි පැවසෙන්නේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට විරුද්ධව ‘ජම්මු’ හින්දු භක්තිකයන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

අසීෆා දූෂණය කර මරා දැමීම මේ සතියේ ප්‍රධාන පුවතක් බවට පත්වූයේ ඇගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හින්දු භක්තික පුරුෂයන් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීම ගැන හින්දු භක්තික කණ්ඩායම් එසේ විරෝධය දැක්වීම හේතුවෙන්.

පසුගිය ජනවාරි මස 17 උදෑසන මුහම්මද් යූසුෆ් පුජ්වාලා ‘කතුවා’ නගරයෙහි පිහිටි සිය නිවස ඉදිරිපිට අසුන් ගෙන සිටින විට ඔහුගේ අසල්වාසියෙකු ඉතා කලබලයෙන් දිව විත් පවසා තිබුණේ යූසුෆ්ගේ අට හැවිදිරි දියණියගේ සිරුර මීටර් සියයකට පමණ එපිටින් පිහිටි පඳුරක් අසල වැටී තිබෙන බවයි.

ස්ථීර පදිංචියක් නැතිව හිමාලයේ ජීවත් වන ‘ගුජ්ජාස්’ නම් මුස්ලිම් එඬේර ජන සමූහයකට අයත් යූසුෆ්, එළුවන් සහ මී හරක් රැක බලා ගන්නා පුද්ගලයෙක්.

ප්‍රාන්තයේ මහ ඇමති මෙහ්බූබා මුෆ්ටි මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස් අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේ අසීෆාගේ දේහය හමුවීමෙන් දින හයකට පසුව ජනවාරි 23 වෙනි දිනයි.

පරීක්ෂකයන් පවසන අන්දමට ඇය දින කිහිපයක් ප්‍රදේශයේ කෝවිලක රඳවාගෙන දින ගණනාවක් දූෂණය කර අවසානයේ වධ දී මරා දමා තිබෙනවා. මුලින්ම ඇයගේ ගෙල සිර කර මරා දමා තිබෙන අතර ඉන් අනතුරුව ගලකින් දෙවතාවක් හිසට පහර දී තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *