ලෝකයේ කොහෙවත් නැති ජපානයේ විතරක් දකින්න පුළුවන් දේවල් 16ක්

1 කොහෙවත් දකින්න බැරි ඉන්ධන පිරවුම්හල් – Special Gas stations

ජපානයේ ඉන්ධන පිරවුම්හල් වලින් වාහනයකට ඉන්ධන දෙන්නේ සිවිලිමේ සිට. මේ නිසා වාහනයේ පෙට්‍රොල් ටැංකිය හොයාගන්න මහන්සිවෙන්න ඕනේ නෑ.

2 විශේෂිත කෑම නිපදවන යන්ත්‍ර – Unique vending machines

ජපානයේ අයට කාලය කියනදේ ගොඩක් වටිනවා. ඉතින් කාලය ඉතිරි කරගන්න විවිධ යන්ත්‍ර නිපදවනවා. මේ යන්ත්‍ර වලින් බැදපු අල, තම්බපු බිත්තර, සුරතල් සතුන් සඳහා කෑම සහ පාස්තා වර්ග ගන්න පුළුවන්.

3 ඉඩ අරපිරිමැස්මෙන් පාවිච්චි කර වාහන නවතා තැබීමේ පහසුව – Compact parking

ජපානයේ ජනගහනය මිලියන 127 ක්. ඉතින් ඔවුන් ඉඩ කලමනා කරගන්නවා. තට්ටු දෙකකට වාහන නැවැත්වීමේ හැකියාවක් ලැබෙනවා.

4 අන්ධ අයට බීම කෑන් – Drink cans for the blind

අන්ධ අයට තමන් බොන බීම වර්ගය හඳුනාගැනීම උදෙසා ක්‍රමයක් ඇත. බ්‍රේල් ක්‍රමයට එම බීම කෑන් මත බීම වර්ගය ලියා තිබෙනවා.

5 ගමන් මලු රඳවා තබා ගැනීමට පුටු – Bag holding Chairs

පුටුවක ගමන් මලු එල්ල තැබීම අපහසු නිසා සිදුරු කල පුටු පාවිච්චි වනවා.

6 පාද සඳහා ස්පා(Spa) සත්කාර සහිත දුම්රිය – Foot spa Train

විශේෂ දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ගෙන මෙවැනි දුම්රියේ ගමන් කරන්න පුළුවන්. උණු ජලය සහිත භාජන වලට තමන්ගේ පාද බහාලන්න පුළුවන්. මේ මගින් දවසේ ඇතිවන මානසික පීඩනය අඩු කරගත හැකි.

7 නොමිලේ ලබාගත හැකි tissue – You Can have free tissues

ඔබ අසනීපයකින් පසුවෙනවනම් ඔබට tissue නොමිලේ ලබාගන්න පුළුවන්.ජපාන රජය ඔබට නොමිලේ මේ දේවල් සපයනවා.

8 විවිධ උපාංග සහිත වැසිකිලි – Multi-functional toilets

අත්‍යවශ්‍ය දේට අමතරව තවත් පහසුකම් ගණනාවක් සලසන වැසිකිලි ජපානයේ ඇත. අබාධිත අයට පහසු වෙන, ස්වයං පිරිසිදු කිරීමේ හැකියාව ඇති, සිරුර උණුසුම් කල හැකි උපාංග සහිතයි.

9 Poppers

ජපානයේ මිනිසුන් ඉතාමත් මහන්සි වී වැඩ කරන ජනතාවක්.ඒක අපි සැවම දන්න කරුණක්. එම නිසාම ඔවුන්ව මානසික ආතතියකට ලක්වෙන ඉඩකඩ වැඩියි.මානසික ආතතියෙන් මිදීමට plastic වලින් තැනූ bubble wrap තිබෙනවා.මෙමගින් ඔබට ඔබට මානසික පීඩනය අඩුකරගැනීමට හැකියාව ඇත

10 ස්වංක්‍රීය taxi දොරවල් – Automatic taxi doors

ස්වංක්‍රීයව වහන්න පුළුවන් දොරවල් සහිත taxi බොහොමයක් ජපානයේ තියෙනවා.ඒ නිසා දොර හයියෙන් වහලා ඔයාට ඩ්‍රයිවර් උන්නැහෙගෙන් බැනුම් අහන්න ඕනෙ නම් නෑ.

11 නින්දට යාහැකි සුවපහසු කුටි – Sepcial Sleeping Pods

ඔබට අවශ්‍ය සුවපහසු නින්දක්ද? එසේ නම් මේ අවස්ථාව ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වේවි. මිනිසුන්ට නින්දට යාම සඳහා සුවපහසු කුටි ජපානයේ සකසලා තියෙනවා. ඒ කුඩා කුටි වශයෙන්.නිදා ගැනීමට පමන්ණක්ම මිනිසුන් ඒ කුටි වලට පැමිණෙනවා

12 සංගීතයෙන් සැකසු මාර්ග – Musical roads

ජපානයේ මාර්ග වල මිහිරි සංගීතයන් අහන්න පුළුවන්.හරි පුදුම දෙයක් නේද ? . සමහර දුර පාරවල් වල මෙම පහසුකම රජය විසින් සලසලා තියෙනවා.අපි දුර ගමනක් යන අවස්ථාවක මෙම මාර්ග භාවිත කරනව නම් අපේ ගමන් මහන්සිය සිඳලීමට තමයි මෙම සංගීත ඛණ්ඩ(Melodies) සහිත මාර්ග ඉදිකරල තියෙන්නෙ.

13 පූසන්ටම වෙන්වුනු අවන්හල් – Cat cafes

පූසොන් ආසයි උණුසුම්ව ඉන්න. ජපානය ඔවුන් සඳහා උණුසුම් කුටි සකසලා තියෙනවා. මේවගේ කුටි විශාල ප්‍රමාණයක් ජපානයේ දකින්න පුළුවන්.ඔබ පූසන්ට ආදරේ කරන කෙනෙක් නම් අනිවාරුයෙන් මේ වගේ තැන් වලට ආස කරාවි.මේ තැන් ඉතාමත් පිරිසිදු ලෙස,ඉතාමත් ලස්සන ලෙස පූසන්ට ආදරය කරන අය වෙනුවෙන්ම ඉදිකරල ලද අවන්හල් වේ

14 Kotatsu: උණුසුම් මේසයක් – Heated table

මේසය සකසලා තියෙන්නේ උණුසුම් blanket එකක් යොදාගෙන. ඒ blanket එක උණුසුම්ව පවත්වාගන්නවා. මෙම සොයාගැනීම කරන්නේ 14 වන සියවසේ.මේකත් නිදාගන්න කියාපු තැන

15 නිවේදන නිකුත් කිරීම උදෙසා විශේෂ පද්ධතියක් – Announcement system

මුළු රටටම ඇහෙනවිදියට පණිවිඩයක් කියන්න පුළුවන් විදියට මේ උපාංගය හදල තියෙන්නේ. හදිස්සි අවස්ථා පිළිබඳව ජනතාව දැනුවත් කරන්න මේ සොයාගැනීම කරලා තියෙනවා. භූමිකම්පා, සුනාමි වගේ හදිස්සි අවස්ථා ජනතාවට දැනුම් දෙන්න මෙය යොදාගන්නවා. ඒ වගේම වෙන වෙලාවට මේකෙන් මිහිරි සංගීතයක් ඇහෙනවා. කුඩා දරුවන්ට හවස් වෙද්දී ගෙදර යන්න කියලත් මේ උපාංගය නිවේදනය කරනවා.

16 ජොබ් එක අතරතුර නිදිමත ආවම නිදාගන්න අවස්ථාවක් – chance to sleep at work

job එකක් කරද්දී සමහර වෙලාවට නිදිමත හැදෙන එක හමෝටම පොදු ලක්ෂණයක්. ජපානයේ අය වැඩ කරද්දි නිදිමතක් අවොත් එයාලට පොඩි වෙලාවකට නිදාගන්න අවසර තියෙනවා. inemuri කියන නමින් මේ දෙය හඳුන්වනවා.ඒ කියන්නෙ ඔයාගෙ බොස්ගෙ ලඟ ඉඳන් ඔයාට නිදා ගන්න වස්ථාව හිමිවෙනව කිසි කරදරයක් නැතුව

මේ කරුණු සොයාගත්තෙ අන්තර්ජාලය මගින්.මෙම ලිපියේ යම් යම් වැරදි වෙතොත් සමාව දෙන ලෙසද යම් වැරදි තැන් තියෙනවා නම් ඒවා නිවැරදි කරන ලෙසද ඉල්ලනවා.තව කෙනෙක්ට දැනගැනීමට Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *