ලොව ’දිගම’ එල්ලෙන පාලම

මීටර 500 (අඩි 1,640) පමණ වන ලොව ‘දිගම’ එල්ලෙන මගී පාලම ස්විට්සර්ලන්තයේ දී විවෘත කෙරිණි.

කඳු නගින්නන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදි කෙරුණු පාලම පිහිටා තිබෙන්නේ ට්සෙයාර්මාට් නගරය ආසන්නයේය.දිගින් මීටර 494 වන ‘යුරෝපා පාලම’ ලෙස නම් කර ඇති එය පිහිටා තිබෙන්නේ පොළොව මට්ටමින් මීටර 85 දක්වා වූ උසකිනි.

ට්සෙයාර්මාට් සංචාරක මණ්ඩලය කියා සිටියේ යුරෝපා පාලම ලොව දිගම පාලම වුවත් ඔස්ට්‍රියාවේ Reutte පළාතේ පිහිටි දිගින් මීටර 405 වන එල්ලෙන පාලම පොළොව මට්ටමේ සිට මීටර 110 උසින් පිහිටා ඇති බවය.

මීට පෙර තිබූ පාලම මතට ගල් පෙරලීම නිසා හානි සිදුව ඇති අතර ස්විට්සර්ලන්ත බලධාරීන් විසින් එහි අලුතින් පාලමක් ඉදිකිරීමට පියවර ගනු ලැබුවේ ඉන් අනතුරුවය.

අලුතින් ඉදිකළ පාලම සඳහා යොදා ඇති ලෝහ රැහැන්වල බර ටොන් අටකි.පැද්දීමෙන් වළකා ගත හැකි ක්‍රමවේදයක් භාවිත කර පාලම නිර්මාණය කර ඇති බව ට්සෙයාර්මාට් සංචාරක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

සැටලයිට් විජ්ජාවට හසු නොවී වැඩිකරමු අපේ වනපෙත්

පෘථිවියෙහි ජීවත්වන මිනිසාට එල්ල වන අහිතකර සිද්ධීන් දෙස බැලූ බැල්මට පෙනෙන්නේ භූමිකම්පා, ගිනිකඳු පිපිරීම්, ජල ගැල්ම, සුළි සුළං ආදී ස්වභාවික ව්‍යසනයන්ය. එම සංසිද්ධීන් කිසියම් ප්‍රදේශයකට සීමාසහිතව සහ තාවකාලිකව දැනෙන ඒවාය. පෘථිවියටත්, මිනිසා ඇතුළු සියල් සතුන්ටත් අහිතකර ව්‍යසනයක් ලෙස දැන් ප්‍රමුඛ වෙමින් තිබෙන්නේ වනාන්තර විනාශයයි.

නූතනයේ ලෝක නායකයන් බරපතළ අන්දමින් අවධානය දක්වන මිහිතලය උණුසුම්වීම, හරිතාගාර ආචරණය, වායුගෝලීය දූෂණය, අම්ලකර වායුව හිඟවීම හා කාන්තාරීකරණය යන පාරිසරික අර්බුදයන්ට ජුවම සම්බන්ධ වන කරුණකි වන විනාශය.

යටත් විජිතවාදය උච්චස්ථානයට පත්වූ 18 වැනි සියවස මැද භාගයේ (වර්ෂ 1750 සිට) ඇති වූ කාර්මික විප්ලවය සමග ලෝකයේ බොහෝමයක් රටවල වනාන්තර මහා පරිමාණයෙන් විනාශ වූ ආකාරය වාර්තාගතව තිබේ. වර්ෂ 1700 වන විට ලෝකයේ පැවති කැලෑ ප්‍රමාණයෙන් 1/4ක් විනාශව ඇත. 1915 වන විට එනම් වසර 200 කදී එය 3/4 එනම් 75 ක් තරම් වැඩිවී ඇත්තේ යටත් විජිත තරගය, යුද්ධ, කාර්මීකරණය, ජනගහන වර්ධනය, නාගරීකරණය යන කරුණු හේතු කොටගෙනය.

1980 පමණ වන විට වාර්ෂිකව බ්‍රසීලයේ අක්කර මිලියන 3.5 ක්, ඉන්දුනීසියාවේ අක්කර මිලියන 1.5ක්, කොලොම්බියාවේ අක්කර මිලියන 2ක්, ඉන්දියාවේ අක්කර ලක්ෂ 5ක් ආදී වශයෙන් ලෝකයේ වන විනාශය සිදුව ඇත. අදටත් එම විනාශයන් නොකඩවා සිදුවෙමින් තිබේ.

ජීවයේ පැවැත්මට බෙහෙවින් බලපාන ජල චක්‍රය හා වර්ෂාපතන රටා විකෘතිවීම මානව සභ්‍යත්වය කෙරෙහි එල්ල කරන්නේ බරපතළ තර්ජනයකි. ඊට තුඩු දෙන ප්‍රධාන කරුණක් වූ වන විනාශය ශ්‍රී ලංකාවෙහි සිදුවන ආකාරය නොතකා සිටිය නොහැකි ඛිෙදවාචකයකි.

ශ්‍රී ලංකාවේ වන විනාශයට අදාළ තොරතුරු ස්වල්පයක් මෙසේ දැක්වීමට පුළුවන. 1900 දී භූමියෙන් 70ක් වූ වන ආවරණය 1948 නිදහස ලබන විට 49 මට්ටමේ පැවැතුණි. රජරට, නැගෙනහිර සහ රුහුණේ ඇති කළ කෘෂිකාර්මික ජනපද ව්‍යාපාර හේතුවෙන් 1956 වන විට එය 44 තෙක් අඩුවිය. 1956 සිට 1989 අතර වන විනාශයේ වේගය වාර්ෂිකව 0.7ක් විය. වාර්ෂිකව 0.2ටත් අඩු වේගයකින් සිදුවූ වන විනාශය 1980 දශකයේදී ඉහළ අගයක් ගත්තේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා කළ කැලෑ හෙළි කිරීම් නිසාය. මේ වකවානුවෙහි හේන් වගාව සඳහා හෙක්ටයාර් 1,20,000ක් කැලෑ ඉඩම් යොදා ගෙන ඇත.

1979 ඉඩම් අමාත්‍යාංශය මගින් කළ සමීක්ෂණයට අනුව,ලක්ෂ 5ක් ගොවීන් විසින් හෙක්ටයාර් 3,77,000ක් යොද ගෙන ඇත්තේ ග්‍රාමීය වනාන්තර හෙළිපෙහෙළි කරමිනි. හේන් ගොවිතැන ව්‍යාප්තවීම, දිළිඳුබව, ජනගහන වර්ධනය හා වන රක්ෂණය ගැටුම්කාරීව නොකඩවා වන බව ඉන් පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකා භූමියේ විශාලත්වය හෙක්ටයාර් 65,65000 කි. ඉන් හෙ. මිලියන 2.5ක් පමණ කෘෂිකර්මය සඳහා යොදාගෙන ඇත. මින් වැඩි ප්‍රමාණය පහතරට වියළි හා අන්තර් මධ්‍ය කලාපයන්ට අයත් වන අතර හෙ. ලක්ෂයක් මධ්‍යම කඳුකරයට අයත් වේ. එය මුහුදු මට්ටමෙන් මීටර් 330 න් ඉහළ ප්‍රදේශයන්ය.

අප රටේ ෙජෙව දේශගුණ කලාපයන් වූ පහත හා මැදරට තෙත් කලාපය, වියළි කලාපය, පහත හා මැදරට අතරමැදි කලාපය, කඳුකර කලාපය, කඳුකර අතරමැදි කලාපය, ශුෂ්ක කලාපය යන සියල්ලෙහිම එකිනෙකට වෙනස් වෘක්ෂලතාවන් වැඩීම සඳහා සුදුසු පස් වර්ග ආඪ්‍යව පවතී.

පහතරට හා මැද රට තෙත් කලාපයේ පවත්නා තෙත් සදාහරිත වනාන්තර වාණිජ වැවිලි (තේ, රබර්, ‍පොල්, ඔයිල් ෆාම්, සුළු අපනයන භෝග) සඳහාත්, ගම් හා නගර ව්‍යාප්තිය සඳහාත් කැප කරමින් ඇත. මෙම කලාපයෙහි වන වැස්ම 6 කටත් අඩුය. ලෝක ෙජෙව උරුමයක් වූ සිංහරාජය අයත් වන්නේ මෙම කලාපයටය. මෙම කලාපයේ පවත්නා ශාක විශේෂ සංඛ්‍යාව 150 ක් පමණ වේ. මින් වැඩි ප්‍රමාණය ආවේණිකය.

හෝර්ටන් තැන්න,පිදුරුතලාගල, සමනල, මාත‍ලේ දුම්බර කඳුවැටි ආශ්‍රිත සුවිශාල ප්‍රදේශ නවීන සංවර්ධන ව්‍යාපෘතිවලට ගොදුරුවෙමින් තිබේ. වන හායනයේ වාර්ෂික වේගය 20 ඉක්මවා ඇත.

දිවයිනේ භූමියෙන් 2/3 ක් අයත් වන වියළි කලාපයෙහි මෙරට විශාලතම වනාන්තර (යාල, විල්පත්තු වස්ගමුව, මින්නේරි ආදී අභයභූමි සහිත) පිහිටා ඇත. මේ සෑම තැනකම දේශපාලන බලපෑම් සහිතව වන විනාශයන් සිදුවේ. (විල්පත්තුව ආශ්‍රිතව ආගමික හා දේශපාලනික බල ව්‍යාපෘතියක් මගින් සිදු කෙරෙන වන විනාශය මේවනවිට ප්‍රසිද්ධියේ සිදුවන්නකි.

වනාන්තර පැවතෙන්නේ ෙජෙව පද්ධතිවල මූලික අංගයක් ලෙසිනි. ලෝකයේ සමබර පැවැත්මට ඉන් සිදුවන මෙහෙය ගණන් බැලීම කිසිවකුටත් කළ හැක්කක් නොවේ. ඒ නිසාම මෙරට බලධාරීන් රටේ වන ආවරණය වැඩිකර පෙන්වීමට දක්වන අභිරුචිය පිළිකුල් සහගතය. දැන් දැන් දේශීය හා ජාත්‍යන්තර ආයතන එක්ව මෙරට භූමියෙන් 28-30 ක් තරම් වනාන්තර ප්‍රමාණයක් තිබෙන බව හුවාදැක්වීමට ව්‍යාජ සැටලයිට් සිතියම් යොදා ගනී. 1985 වකවානුවේ 13-14 ක් තරම් පහළ වැටී තිබුණ වනාන්තර ප්‍රතිශතය ගෙවුණු වසර 30 තුළ වැඩිවී ඇත්තේ කොතැනද යන ප්‍රශ්නයට ඔවුන් පිළිතුරු දිය යුතුය.

සාවද්‍ය සිතියම් හා තොරතුරු ප්‍රසිද්ධ කර බලධාරීන් රැවටීම වෙනුවට ඇත්ත තත්ත්වය පෙන්වා දුෂ්කර සැබෑ විසඳුම් ලබාගැනීමට ජාතියක් වශයෙන් පෙරට පැමිණීමේ තීරණාත්මක අවස්ථාවට දැන් අපි පැමිණ සිටිමු.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වන වගාව පිළිබඳවත් මෙරට වන ප්‍රතිශතය ඉහළ දැමීම පිළිබඳවත් උනන්දුවෙන් කතා කරනු පෙනේ. සැබැවින්ම අප වන වගා ව්‍යාපෘතියකට යා යුතු බව අවිවාදිත සත්‍යයකි. එහෙත් ඒ සමගම මෙරට අදටත් සිදුවන වනාන්තර හායනය වහාම නතර කළ යුතුය. එසේ නොකොට වන වගාව ගැන කතා කිරීම වැඩකට ඇති වැඩක් නොවේ.

ලංකාවේ නැවත වන වගාව නිසි ලෙස කරන්නේ නම් මධ්‍යම කඳුකරය හා සුළං දහරා ලංකාවට ඇතුළු වන මාවත් හරිත පටි කළ යුතුය. විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ අත්හැර තිබෙන තේ ඉඩම් ප්‍රමාණය අක්කර දහස් ගණනකි. එම ඉඩම්වල වන වගාව හොඳින් ආරම්භ කළ හැක. එවැනි ප්‍රායෝගික සැලසුමකට නොයා කටින් බතල කොළ සිටුවීම වැඩකට නැති වැඩකි.

කීරන්තිඩියේ අශෝක හරිස්චන්ද්‍ර

(Global 500 UNEP ජාත්‍යන්තර සම්මානලාභී)

පොහොසත් වෙන්න ඕනේ නම් මේ වැරදි 7 කරන්න එපා.

අද අපි කියන්න යන්නේ පොහොසත් වෙන්න උත්සහ කරන අයට බාධා කරන කරුණු 07 ක් ගැනයි. ඔබ අතිනුත් මේ දේවල් සිදු වෙනවා නම් එය ඔබව පොහොසත් කෙනෙකු වීමට බාධා කරයි

01) මුදල් ඉපයීමට වඩා මුදල් ඉතිරි කිරීම පිලිබඳ සිතීම

පොහොසත් වීමට නම් මුදල් ඉතිරි කිරීම ඉතා වැදගත් වේ. එහෙත් ඔබ මුදල් ඉපයීම අමතක කර මුදල් ඉතිරි කිරීමට යනවා නම් ඉන් ඵලක් නොවේ.

එහෙත් එයින් ඔබ මුදල් ඉතිරි නොකල යුතු බව අදහස් නොවේ. ඔබ මුදල් ඉතිරි කිරීම සහ මුදල් ඉපයීම සමානව කල යුතුය. ඔබ සතුව මුදල් රාශියක් නැති අවස්ථාවල ඔබ ඒ පිළිබඳ සිතමින් වද විය යුතු නැත. එවිට ඔබ කළ යුත්තේ මුදල් ඉපයීමට අවධානය යොමු කිරීමයි. ඉන් පසු ඔබ සතුව වැඩි මුදලක් ඇති විට ඒවා ඵලදායි ලෙස ඉතිරි කිරීමට කටයුතු කරන්න.

02) ආයෝජනය නොකිරීම

වැඩි මුදලක හිමිකාරයකු වීම සඳහා වඩාත් කර්යක්ෂම ක්‍රමයක් වන්නේ මුදල් ආයෝජනය කිරීමයි. ප්‍රමාද නොවී ඉක්මනින් මුදල් ආයෝජනය කිරීම ආරම්භ කරන තරමට වැඩි ප්‍රතිඵල ද ලබා ගත හැක.

ඔබ උපයන මුදල් නිකන් රැස් කරගෙන සිටිනවාට වඩා එම මුදල් ඵලදායී ලෙස ආයෝජනය කිරීමෙන් ඔබ වඩා පොහොසත් වනු ඇත.

03) ඔබට දරා ගත නොහැකි තරම් මිල අධික දෑ මිලදී ගැනීම

ඔබ ඔබට දරා ගත නොහැකි අන්දමේ මිළ අධික භාණ්ඩ මිලදී ගන්නේ නම් ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට පොහොසතෙක් වීමට නොහැකිය. ඔබ උපයන මුදල ක්‍රමයෙන් වැඩි වනවාත් සමගම ඔබ ඔබගේ අවශ්‍යතා ද වැඩි කර ගතහොත් ඔබට ඉතිරි කල හැකි ප්‍රමාණය අඩු වේ. එනිසා ඔබ කෙතරම් මිළ මුදල් ඉපයුවද ඔබට දරා ගත හැකි ප්‍රමාණයට පමණක් වියදම් කිරීමට සිහි තබා ගත යුතුය.

04) වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යාම

ඔබට සාර්ථක පුද්ගලයකු වීමට අවශ්‍ය නම් ඔබට ඔබගේම සිහින තිබිය යුතුය. ඔබ ඔබගේ සිහින පසෙකලා වෙනත් කෙනෙකුගේ සිහින පසුපස හඹා යන්නේ නම් ඔබට සාර්ථක විය නොහැකිය. උදාහරණයක් ලෙස ඔබ ඔබේ අසල්වැසියාගේ හෝ ඔබේ යහළුවාගේ හෝ සිහින වලට ආසා වී ඒවා සැබෑ කර ගැනීමට උත්සහ දරන්නේ නම් එවැනි බොහෝ අවස්ථාවල ඔබට ඒවා සැබෑ කර ගත නොහැකි වනු ඇත. එවිට ඔබ ඔබ පිළිබඳවම කලකිරීමටත් පසුතැවීමටත් පත් වේ. එවිට ඔබට ඔබේ සිහින ද අහිමි වේ. එනිසා ඔබට පොහොසතෙක් වීමට නම් ඔබේ සිහිනයක් තබා ගෙන එය සැබෑ කර ගැනීමට උත්සහ කරන්න

05) මුදල් සඳහා නිශ්චිත අරමුණක් නොවීම

මුදල් කියන්නේ නිකන් ඉඳලා හම්බ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා මහන්සි වී වැඩ කිරීමට සිදු වෙනවා. ඒ වගේම ඔබට පොහොසත් වීමට අවශ්‍ය නම් ඔබ උපයන ඒ මුදල් සඳහා ඔබට නිසි ඉදිරි සැලැස්මක් ද තිබිය යුතුයි.

ඔබ මුදල් උපයන්නේ කුමකටද, ඒ මුදල් භාවිතයේ යොදවන්නේ කෙසේද, වැඩි ලාභයක් ලැබෙන සේ එම මුදල් ආයෝජනය කරන්නේ කෙසේද ආදිය පිලිබඳ ඔබට නිසි අරමුණක් තිබිය යුතුය. එසේ නොමැති විට ඔබ රැස් කරන ධනය නාස්ති වී ඔබටම නොදැනී ඔබ සිටියාටත් වඩා දුප්පත් අයෙකු බවට පත් විය හැක. එනිසා සැම විටම ඔබේ මුදල් සඳහා නිශ්චිත අරමුණක් තබා ගන්න.

06) පළමුව වියදම් කර දෙවනුව ඉතිරි කිරීම වැරදියි.

බොහෝ දෙනෙකුට මුදල් ලැබුනම ඉස්සෙල්ලම කරන්නේ හිතේ හැටියට මුදල් වියදම් කරන එක. ඊට පස්සේ තමයි ඉතුරු කිරීම ගැන හිතන්නේ. හැබැයි මෙහෙම කලාම ගොඩක් වෙලාවට ඉතුරු කරන්න ප්‍රමාණවත් තරම් මුදලක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ පළමුවෙන්ම කළ යුත්තේ මුදල් ඉතුරු කිරීමයි. ඉන් පසුව ඉතිරි වන මුදල වියදම් කිරීමෙන් ඔබට මුදල් නිසි පරිදි කළමනාකරණය කර ගත හැක.

07) තමා පිලිබඳ විශ්වාසය තැබිය යුතුය.

බොහෝ පුද්ගලයන් තුළ ඇති දුර්වලතාවයක් වන්නේ තමා පිළිබඳ විශ්වාසයක් නොමැති වීමයි. බොහෝ දෙනාගේ මතය වන්නේ සෑම දෙයක්ම ලැබෙන්නේ වාසනාව ඇති අයට පමණක් බවයි. මෙලෙස ඔබට ඔබ පිළිබඳ අවතක්සේරු කොට සැලකීම ඔබගේ කටයුතු අසාර්ථක වීමට හේතුවකි. එනිසා තමන්ට ඕනෑම දෙයක් කල හැකිය යන විශ්වාසය ඇතිව අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළහොත් ඔබට නිසැකවම සාර්ථක විය හැකිය.

ගිනස් පොතට ගිය වැලි මාලි­ගාව

ලෝකයේ උසම වැලි මාලිගාව ලෙස මීට දින කිහිපයකට පෙර වාර්තා පොත් අතරට එක්වුණු සුවිසල් වැලි නිර්මාණයක් පිළිබඳ තොරතුරු ගෙනඑන්නයි.

ලෝකයේ උසම වැලි මාළිගාව යන වචනය දුටු සැනින්ම මුහුදු වෙරළක් අසබඩ තැනූ සුවිසල් මාළිගයක් ඔබ වෙත මැවෙන්නට ඇති නමුත් මෙම මාළිගය නම් සාදා තිබෙන්නේ මුහුදු වෙරළක් අසළ නොවේ. ජර්මනියේ ඩුයිස්බර්ග් නම් රට තුළ පිහිටි නගරයක තමයි අඩි 54.7ක් එනම් මීටර 16.68ක් උස මාලිගය පිහිටා තිබෙන්නේ.

මේ සඳහා වැලි ටොන් 3500 ක් පමණ මාසයක පමණ කාලයක් මෙම සඳහා රැස්කර වැලි මාලිගය තනා තිබෙනවා. ජර්මනියේ සංචාරක කටයුතු මෙහෙයවන ආයතනයක් මගින් සංචාරක ආකර්ෂණය අරමුණ කරගනිමින් තමයි මෙම නිර්මාණය සිදු කර තිබෙන්නේ. මෙම මස මුල දී ප්‍රදර්ශනයට විවෘත වූ මෙම වැලි මාලිගයට ගිනස් වාර්තාව ලැබීමට පෙර එය හිමිවී තිබුණේ අපේ අසල්වැසි ඉන්දියාවටයි.

ප්‍රසිද්ධ කලාකරුවකු වන සුදර්සන් පට්නයික් විසින් මෙම වසරේ පෙබරවාරියේදී ලෝක සාමය උදෙසා තැනූ මීටර් 14.84 ක් උස වැලි මාලිගය සතුව තිබූ ලෝක වාර්තාව දැන් අයත්වන්නේ ජර්මනියේ වැලි මාලිගයටයි.

සැප්තැම්බර් 1දා ප්‍රදර්ශනය ඇරැඹුණු මෙම මාලිගාව මෙම මස 24 දක්වා ජර්මනියේ ඩ්යිස්බර්ග් හි Landschaftspark හිදී මහජනයා වෙත දැක බලාගත හැකියි. මෙම වැලි මාලිගය සෑදී තිබෙන්නේ ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන හි කුඩා අනුරූ රැසක් මගිනි.

මේ අතර ග්‍රීසියේ ඇතන්ස් නුවර ඇක්‍රොපොලිස් වැනි නිර්මාණ, බාසිලෝනා ගෘහ නිර්මාණ ශිල්පයට අයත් ගොඩනැගිලි, ඊජිප්තුවේ පිළිම හා ඉතාලියේ පීසා හි ඇළවෙන කුළුණ කැපී පෙනෙනවා. සංවිධායකයන් පවසන්නේ ලක්ෂ දෙකකට ආසන්න ජනතාවක් මෙය නැරඹීමට පැමිණෙනු ඇති බවයි.

පොළොව යට ජීවත්වන ඕස්ට්‍රේලියාවේ මිනිස්සු

පොළොව යට ජීවත්වන වන මිනිසුන් විවිධ චිත්‍රපට හා ප්‍රබන්ධ කතා වලින් අපි දැක තිබෙනවා. අතීතයේදී විසූ මිනිසුන් ගල් ගුහා හා කඳුවැටි තුළින් ගමන් කරන උමං මාර්ග තුළ ජීවත් වූවත් වර්තමානයේ එවැනි ජීවන රටා දකින්නට ලැබෙන්නේ නැහැ. නූතන ලෝකයෙන් බොහෝ දුරස් වී තිබෙන සැඟවුණු ගෝත්‍රික ජන පිරිස් එසේ ජීවත් වූවත් ඕස්ට්‍රේලියාව වැනි දියුණු රටක මිනිසුන් පොළොව යට ජීවත් වන බව ඔබ දැන සිටියාද?

අප මේ කියන්නට සැරසෙන්නේ ඔස්ට්‍රේලියානු ආදි වාසීන් වන ඇබොර්ජින්වරුන් පිළිබඳව නොවෙයි. අන්තර්ජාල පහසුකම්, භුගත පිහිනුම් තටාක හා භූගත සමාජ ශාලා පවා තිබෙනා ඕස්ට්‍රේලියානු කාන්තාර නගරයක් පිළිබඳව සටහන් කිරීමට තමයි අද මෙම පිටුව වෙන්වන්නේ. Coober Pedy නගරය දකුණු ඕස්ට්‍රේලියාවේ උතුරු දෙසට වන්නට පිහිටා තිබෙන කුඩා නගරයකි. වර්ෂ 1915දී මෙම ප්‍රදේශයේ ඕපල් නම් මැණික් විශේෂය සොයාගැනීමෙන් පසුව මිනිසුන් විශාල ලෙසින් පැමිණි මෙහි කැණීම් කටයුතු කර තිබෙනවා. මැණික් සොයා ගැනීමට තිබෙන අපහසුව හා කාන්තාරයේ තිබෙන අධික රස්නය නිසා ක්‍රම ක්‍රමයෙන් මෙහි සිටි පිරිස අඩුවී තිබෙනවා.

ලෝක යුද්ධය නිමා වීමෙන් පසුව විවිධ රටවලින් මෙම නගරයට නැවතත් මිනිසුන් පැමිණ තිබෙනවා. වර්තමානයේ මෙම නගරයේ ජීවත්වන මිනිසුන් ප්‍රමාණය 3500 ක් පමණ වනවා. සෙල්සියස් අංශක 50ට පමණ ළං වන උෂ්ණත්වයක් වියළි කාලයේ දහවලට හා රාත්‍රී කාලයට සෙල්සියස් අංශක බින්දුව තරම් පහළ උෂ්ණත්වයක් සමහර දිනවලට මෙහි පැවතියත් මෙම නගරයේ වෙසෙන මිනිසුන් පොළව යටට වී සිටින නිසා අධික රස්නයේ හා සීතලේ නොනැසී සැප පහසු ලෙසින් ජීවත් වනවා.

අතීතයේදී කැණීම් සිදු කරන ලද උමං මාර්ග භාවිතා කරමින් නිවාස වලට අමතරව පල්ලි, කෞතුකාගාර, තැබෑරුම්, මැණික් හා පොසිල සහිත කලා භවන හා හෝටල් පවා ඉදිකර තිබෙන්නේ මෙම නගරයට ක්‍රම ක්‍රමයෙන් පැමිණෙන සංචාරකයන්ට පහසුව සැලසීම සඳහායි. ජාතීන් 30ක පමණ ජනතාව ඉතා සාමකාමීව ජීවත් වන මෙම නගරයේ තිබෙන භූගත නිවාස වලත් රූපවාහිනී, පරිගණක වැනි නූතන තාක්ෂණික මෙවලම් සියල්ලම පාහේ දැකිය හැකි අතර සමහර නිවාස වල ව්‍යාජ ජනේල පවා බිත්තියට සවි කර තිබේ. ආසන්නම නගරය වන ඇඩිලේඩි නගරයට කිලෝමීටර් 846ක් උතුරට වන්නට මෙම නගරය පිහිටා තිබෙන මෙම නගරය ඇඩිලේඩි හා ඩාර්වින් යා කරන ස්ටුවර්ට් අධි වේගී මාර්ගය අසල පිහිටා තිබෙනවා. කුඩා ගුවන් තොටුපළක් පවා තිබෙන මෙම නගරයට උතුරින් පිහිටි භූගත ජල තටාකයකින් නගරයට ජලය ලබා ගන්නවා.

කූබර් පිඩි හි තිබෙන ගොල්ෆ් ක්‍රීඩාංගණය ලොව තිබෙන වඩාත්ම උණුසුම් ගොල්ෆ් පිටිය ලෙසින් හඳුන්වනු ලබනවා. වසර මිලියන 150කට පමණ පෙර සාගරයෙන් යටවී තිබුණු මෙම කාන්තාර ප්‍රදේශයේ ජලය ඉවත්වන විට සිලිකා ගලා ගොස් පාෂාණ කුහර අතර සිරවී පසුව කාලයත් සමඟ මෙම ඉතාමත් වටිනා මැණික් වර්ගය වන ‘ඕපල්‘ සෑදී තිබෙනවා. ලෝකයේ විශාලතම ඕපල් අපනයනය මෙම ප්‍රදේශයෙන් සිදුවන නිසා කෝබර් පෙඩි නගරය ලෝකයේ ඕපල් අගනගරය ලෙසින් හඳුන්වනු ලබනවා. සතර දිසාවටම කෙළවරක් නොපෙනෙන කාන්තරයක භූගත නගරයක් තුළ ජීවත් වන අපිට නම් සිතාගන්නවත් බැරි තරම් වූවත් කූබර් පෙඩි ජනයා ජීවත් වන්නේ කවදා හෝ විශාල ඕපල් මැණිකක් හමුවී තමන්ගේ සිහින සැබෑ වන ආකාරය ගැන සිහින දකිමිනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

රථවාහන අනතුරු නිසා වස­ර­කට බිලි­යන 130ක් අහිමි වෙයි

රථවාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීමට හා අහිමි වන ශ්‍රම බලකාය නිසා වසරකට රුපියල් බිලියන 130ක මුදලක් රටට අහිමිවන බව පොලිස් රථවාහන කොට්ඨාසය පවසයි. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.5%ක් බවත් පෙන්වා දෙන පොලිස් රථ වාහන කොට්ඨාසය දිනකට මහමඟදී හදිසි අනතුරු නිසා පුද්ගලයන් 8ත් 10ත් අතර පිරිසක් මිය යන බවද පෙන්වා දෙයි. එමෙන්ම දිනකට හදිසි අනතුරු නිසා පුද්ගලයන් 50කට අධික පිරිසක් බරපතළ හෝ සුළු තුවාල ලබන බවද පොලිස් වාර්තා පෙන්වා උපු‍ටා දක්වයි.

පසුගිය වසරේ ‍ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා වූ වසරක කාලය තුළ හදිසි අනතුරු 2910ක් සිදුව ඇති අතර, පුද්ගලයන් 3078 දෙනකු මිය ගොස් තිබේ. එයින් 935ක් පදිකයින් වීම මෙහි කනගාටුදායකම සිදු වීම වන අතර, මිය ගිය අය අතර යතුරුපැදිකරුවන් 998ක් ද වීම කැපී පෙනෙන සිදුවීමකි.

විශේෂයෙන්ම අපරීක්ෂාකාරීව රිය ධාවනය මේ අනතුරුවලට ප්‍රධානම හේතුවක් බව ප්‍රවාහන විශේෂඥයන් විසින් පෙන්වා දෙන අතර, මහා මාර්ගයට එක් වන වාහන වැඩි වීමත් සමඟ මේ තත්ත්වය තවත් වැඩි වීමට ඉඩ ඇති බව සමාජ විද්‍යාඥයන්ගේද මතය වී තිබේ. අතිවිශාල මුදලක් අනතුරුවලට ලක් වන්නන් වෙනුවෙන් දරන්නට සිදු වීම රටේ ආර්ථිකයට විශාල ගැටලුවක් බවද පැහැදිලිවම පෙනී ගොස් ඇත‍.

පිරිමියෙක් වෙන්න නම් කිඹුල් පිටක්; ඉතා වේදනාකාරී කැපුමෙන් තුවාල මුඛයේ කිඹුල් සමට හුරු රටාවක්!

නිව්ගිනියා කලාපයන්හි කිඹුලා සුවිශේෂී උරගයෙක් බවට පත්ව ඇත්තේ එරට සංස්කෘතියේ එල්බ ගත් ඇතැම් චාරිත‍්‍ර විධි නිසාය. දඩයම” මත්ස්‍ය කර්මාන්තය සහ සව් වැනි වගාවන් ආශ‍්‍රයෙන් ජීවත්වන ජනගහනයකින් සමන්විත පැපුවා නිව්ගිනි කලාපයේ පවතින එක්තරා ගෝති‍්‍රක විශ්වාසයක් අනුව මිනිස් ආත්මයක් ලැබීම සඳහා මෙම කිඹුලන් ‘‘චේම්බරි විල්.. ප‍්‍රදේශයේ සිට ‘‘සේපික් ..ගංගාවට පැමිණෙති. චේම්බරි විල අවට ජීවත්වෙන

මෙම ගෝති‍්‍රක ජනතාව ‘‘චේම්බරි.. ගෝති‍්‍රකයින් (Chambri) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම ගෝති‍්‍රක ජනගහනය මේස්බයි ප‍්‍රදේශයට කි. මී. 72 ක් පමණ වයඹ දිගින් පිහිටි ජනාවාසයන්හි විසිරී දිවි ගෙවති. ඔවුන්ගේ ජනාවාස Indingai, Kilimbit සහ Wombum ප‍්‍රදේශයන්හි ව්‍යාප්තව ඇත. සේපික් ගංගාවට නැගෙනහිර දෙසින් පිහිටි Palembe ගම්මානයේ පිරිමි දරුවන් ද මෙම චාරිත‍්‍රය අනුගමනය කරන පිරිසක් බවට පත්ව සිටිති.

kimbul3

වයස අවුරුදු 11 සිට 30 අතර වයසේ චේම්බරි ගෝති‍්‍රයේ පිරිමි දරුවන් මෙම චාරිත‍්‍රය හෙවත් පිට” පපුව සහ තට්ටම යන ප‍්‍රදේශයන්හි කඩතොලූ කිරීම සිදු කරති. ඒ අන්දමින් කිඹුලාගේ පිටට සමාන සේ කඩතොලූ කර ගැනීම යනු පිරිමි දරුවෙක් පුරුෂයකුගේ පෞරුෂත්වය ලැබීම ලෙස සලකනු ලැබේ. මෙම චාරිත‍්‍රය සේපික් ගංගාව අසලදී සිදු කෙරෙන අතර භුත බංගලාවන් (spirit house) ලෙසින් හැඳින්වෙන සේපික් ගංගාව අසල ඉදි කර ඇති නිවාසයේ ලැගුම් ගැනීම අනිවාර්යෙන්ම සිදු විය යුතුය. එයින් අනතුරුව නියම කර ගත් දිනට පිරිමි දරුවන්ගේ පිට ප‍්‍රදේශයේ කිඹුල් සමට සමාන වන සේ කඩතොලූ කරන අතර මෙය ඉතා වේදනාකාරී සිදු වීමකි. ආගමික පුද පූජාවන් පවත්වමින් මෙම කඩතොලූ කිරීම් සිදු කරති. කිසිදු වේදනා නාශකයක් හෝ භාවිතා කිරීම ඔවුන්ට තහනම්ය. ඊට හේතුව වේදනාව දරා ගැනීමට ඇති හැකියාව නිසා අනාගතයේදී සමාජයේ පූර්ණ පෞරුෂයකින් යුක්ත පුරුෂයෙකු සේ ජීවත්වීමට මෙම දරුවන් හැකියාව ලැබීමට මෙම අවස්ථාව සුදුසුකම් සපුරා ගැනීමක් ලෙසින් සලකන නිසාය.

සෞඛ්‍යාරක්ෂිත නොවන මෙම ඇදහිලි විධි නිසා මරණ පවා සිදු වී ඇති බවට වාර්තාවන් තිබේ.

මෙම කැපුමක් සෙ.මි දෙකක පමණ දිගින් යුක්තය. ඉතා වේදනාකාරී කැපුමෙන් පසුව තුවාල මුඛයේ “මඩ” කොළ යුෂ ආදිය තවරා ගිනි මැලය අසල සිටුවා තබති. ගින්දර නිසා ශාක පත‍්‍ර සහ මැටිවලට දුම් වැදී තුවාල මුඛයේ කිඹුල් සමට හුරු රටාවක් නිරූපනය වේ. පිට පුරාවට රටාව සම්පූර්ණ වූ පසුව මෙම පිරිමි දරුවා සම්පූර්ණ පිරිමියෙකුගේ තැනට පත් වෙන අතර ඔහුට හිස් පළඳනාවක් සහ ආභරණ පළඳවා හරසර දක්වති. දැන් මෙම පිරිමි දරුවන් සැබෑම පුරුෂයින් සේ සලකන අතර භුත බංගලාවේ තවදුරටත් රැඳී සිටිමින් ආගමික වේද සහ ජීවන මාර්ග පිළිබඳව දැනුවත් බව ලබා ගනිති.

පුන්‍යා චාන්දනී ද සිල්වා

විශ්වය මෙහෙයවන දෙවියන් වහන්සේ කෙනෙක් නැත” – ස්ටීවන් හෝකින්ගේ අවසන් පොතේ ඇති විශ්මිත අනාවැකි

සිය ජීවිතයේ වැඩි කලක් ස්නායු පිරිහීමේ රෝගයකින් පීඩාවට පත්ව සිටි මහා විද්‍යාඥයා වන ස්ටීවන් හෝකින් “විශ්වය මෙහෙයවන දෙවියන් වහන්සේ කෙනෙක් නැත” යනුවෙන් කියා තිබේ.

ස්ටීවන් හෝකින් විසින් ලියන ලද අවසන් පොත පසුගියදා ප්‍රකාශනයට පත් කෙරිණි. ඉහත සඳහන ඇත්තේ එහිය. ඔහු මියගියේ මෙම පොතෙහි වැඩ කටයුතු නිම කරමින් සිටියදීය.

පසුව ඔහුගේ මිතුරන් සහ පවුලේ අය විසින් ඔහුගේ දැවැන්ත පෞද්ගලික ලිපි ලේඛන තොගය ආශ්‍රය කරගෙන එහි කටයුතු සම්පූර්ණ කර තිබේ.ටීවන් හෝකින් සිය ජීවිත කාලය පුරාම දෙවියන්වහන්සේ පිළිබඳ තමන් තුළ ඇති විශ්වාසය අඩු වෙමින් යන බව ප්‍රකාශ කරමින් සිටියේය.

ඔහු විසින් කරන ලද සෙසු මතභේදාත්මක අනාවැකි හෝ සොයාගැනීම් අතර පිටසක්වළ ජීවීන් සැබවින්ම සිටින බව කෘත්‍රිම බුද්ධියට මානව බුද්ධිය ඉක්මවා ක්‍රියාත්මක විය හැකි බව සහ කාලය හරහා යාත්‍රා කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඇතුළත්ය.පසුගිය මාර්තු මාසයේ 76 හැවිරිදිව සිටියදී මියගිය ස්ටීවන් හෝකින්, ඔහුගේ පරපුරේ අති දක්ෂ විද්‍යාඥයන් අතරින් එක් අයෙකි.

එසේම ඔහු පවසා තිබෙන්නේ ඉදිරි වසර 100 තුළ අප සෞරග්‍රහ මණ්ඩලයේ ඕනෑම ස්ථානයකට කාලය හරහා ගමන් කිරීමට සමත්වනු ඇති බවයි.

කාලය හරහා යාත්‍රා කිරීම මිත්‍යාවක් නොවන බවද ඔහු කියා තිබේ.

ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ පවුලේ අය විසින් සම්පූර්ණ කළ බව කියන මෙම පොත මගින් පෘථිවිය මත ජීවිතයේදී ස්ටීවන් හෝකින් වෙත ඉදිරිපත් වූ හෝ ඔහුගේ සිතේ නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු අන්තර්ගත වේ.

පොතේ නම “Brief Answers to the Big Questions හෙවත් ‘විශාල ප්‍රශ්නවලට ලුහුඬු පිළිතුරු’ යන්නයි.

තීරණාත්මක සිව් වන එක්දින සටනේ ශ්‍රී ලංකා ඉනිම අවසන් – එංගලන්තයට ලැබුණු ඉලක්කය මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර සිව් වන එක්දින තරඟය මහනුවර – පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මකයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ඔයන් මෝගන් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 273ක්.ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

එහිදී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 05ක් සමඟ ලකුණු 52ක් රැස් කළා.

තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක ලකුණු 66ක් රැස්කළ අතර තිසර පෙරේරා රැස්කළ ලකුණු සංඛ්‍යාව 44ක්.

දසුන් ශානකගේ දැවී යැමෙන් පසු තිසර සමඟ එක්වූ අකිල ධනංජය 07 වන කඩුල්ලට අර්ධ ශතක සම්බන්ධතාවක් ගොඩ නැගුවා.පන්දු 26කට මුහුණ දෙමින් එක් හයේ පහරක් සහ හතරේ පහර 02ක් සමඟින් අකිල ධනංජය නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 32ක්.

පන්දු යැවීමේදී අඩිල් රෂිඩ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02ක් බිඳ දැමුවා.

ඉන්දියාවම කම්පාකරමින් දුසේරා සැණකෙළියේදී 60 දෙනෙකු නොසිතූ ලෙස දුම්රියට බිලිගත්තේ රාවණා රජුව ගිනි තැබූ ශාපයද?

රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සැමරීමට..

දුම්රිය මාර්ගයේදී රාවණා රජුගේ අනුරුව ගිනි තියලා..

රාවණා රජු පරදා රාම කුමරුන් ලද ජයග්‍රහණය සංකේතවත් කරමින් ඉන්දියාව පවත්වන දුසේරා සැණකෙළියේදී රාවණාගේ අනුරුවකට ගිනි තැබූ ඉන්දියානුවන 60 දෙනෙකු ඊයේ දුම්රියට බිළි වුණා.

පන්ජාබ් ප්‍රාන්තයේ අමිර්ත්සාර් නුවර පැවති මෙම උත්සවයේදී රාවණාට ගිනි තැබීම සිදුකර ඇත්තේ දුම්රිය මාර්ගයක් අසළ දියි.

රාවණා ගිනි ගනිද්දී, රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වා ඇති අතර, දුම්රිය මාර්ගය මත සිටි පිරිසට දුම්රිය පැමිණෙන හඬ ඇසී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

දුම්රියට යට වූ 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව තහවුරු වී ඇති අතර, තවත් හැත්තෑ දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.